විදුහල්පති පණිවිඩය
ධම්මපාල බාලිතා විද්‍යාලය
හ/පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යලය ලෙස නම් දරා සිටි අප විද්‍යාලය 2022.03.08 වන දින ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නව ජාතික පාසලක් ලෙස නිල වශයෙන් විවෘත විය .
"ගුණ නැණ සපිරි දිරිය දියණියක් දැයට"යන උදාරතම දැක්ම හා අරමුණු සාක්ෂාත් කර ගැනීමේහිලා ඉගෙනුම් ඉගෙන්වීමේ ක්රියාවලියෙහි පමණක් නොව විෂය සමගාමී විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල තුළ ස්ථාපිත කරමින් සිසුවියන්ගේ සැගවුණ දක්ෂතා ,කුසලතා දිනෙන් දින ඔප් නන්වීමට නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ඇදුරු මඩුල්ලේ ගුරුභවතුන් , දෙමාපියන් හා අවට ප්‍රජාව සමග අත්වැල් බදගනිමින් ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් ලෙස විශිෂ්ටත්වය කරා පියමං කිරීමට අධිෂ්ඨානශීලව වගකීමෙන් මෙන්ම වගවීමෙන් කටයුතු කිරීම මාගේ එකම අභිප්‍රාය වේ.
ජාතික පාසලක් ලෙස භෞතික සම්පත් වල සන්වර්ධනයත් සමගම මානව සම්පත්වල උපරිම දායකත්වයත් පාසල තුළ පවතින විවිධ ශක්තීන් ඵලදායී ලෙස යොදවා ගනිමින් තර්ජන හා අභියෝගද අවස්ථාවක් කර ගනිමින් වත්මන් හා අනාගත දියණිවරුනගේ අභිවෘද්ධිය තකා නිරතුරු කැපවීමෙන් හා ධෛර්යයෙන් යුතුව කටයුතු කිරීමට සෑම උත්සාහයක්ම දරමි.
"දම්පල් විදුමාතාවට ජයෙන් ජය වේවා" !!!
විදුහල්පති,
ධම්මපාල බාලිකා විද්‍යාලය