නියෝජ්‍ය විදුහල්පතිතුමිය පණිවිඩය
ධම්මපාල බාලිකා විද්‍යාලය
ධම්මපාල බාලිකා විද්‍යාලයේ සිසුන් විසින් ආයතනයේ අධ්‍යාපන කටයුතුවල ජයග්‍රහණ වෙනුවෙන් වෙබ් අඩවියක් දියත් කිරීම ගැන මම සතුටු වෙමි. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල අධ්‍යාපන කලාපයේ ප්‍රමුඛතම පාසලක් වන ධම්මපාල බාලිකා විද්‍යාලය, ධම්ම පදයේ එන " අපදාන සෝභිනි පඤ්ඤා" යන පාසල් ආදර්ශ පාඨය පරිදි මනා උගත් ශික්ෂණයෙන් යුත් වටිනා දියණියන් ලක් මවට දායාද කර ඇත. ඉදින් මෙම වෙබ් අඩවිය ලොවටම සුබදායක වනු ඇත.
විද්‍යාලයේ අතීතය, වර්තමානය සහ අනාගතයේ දොර කවුළු විවෘත කිරීමට. මේ අනුව, අප සිසුවියන්ගේ දක්ෂතා පෙන්වීමට අධිෂ්ඨාන කර ගත යුතු අතර, මෙම වෙබ් අඩවිය හරහා ඕනෑම වේලාවක වත්මන් විශ්ව පුරවැසියන්ගේ අවධානව අප වෙත ලැබෙනු ඇති බැවින්, අපගේ පාසල් මාතාව වෙත කරුණාව සහ ගෞරවය ගෙන ඒමට කටයුතු කළ යුතුය.
ආයතනයේ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීම සඳහා අපගේ ආදරණීය ධම්මපාලියන් සහ ආචාර්ය මණ්ඩලය දරන උත්සාහය ගැන මම ආඩම්බර වෙමි.
ධම්මපල දියණිවරුණි... ඔබේ ජීව්තය ජයග්‍රහණය කිරීමට ඇවැසි නම්.. ඉලක්කයක් සහිතව අභිමානයෙන් ඉදිරිවය ගමන් කරන්න. කිසිවෙකුගේ ගල් මුල් වෙනුවෙන් ඔබේ ගමනාන්තය වෙනස් නොකරන්න.
ජයග්‍රාහි හෙට දිනක් වෙනුවෙන් සුබ පතමි.
ඕ.පි. අශිකා එරංගි උදේශානි.
ශ්‍රී ලංකා විදුහල්පති සේවය 3
නියෝජ්‍ය විදුහල්පති ධම්මපාල බාලිකා විද්‍යාලය
(අධ්‍යාපන පරිපාලන )