1953 වර්ශයේ මෙම පාසල ආරම්භ කරන ලද්දේ අතිපූජ්‍ය කදුරු පොකුණේ විපස්සි නා හිමියන්ගේ මූලිකත්වයෙනි. පාසල ආරම්භ කිරීම සඳහා ' පිං පෙත' නැමැති අක්කර හතරක පමණ සඟ සතු භූමි ප්‍රමාණය පරිත්‍යාග කොට, තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් එහි ගොඩනැගිල්ලක් ද ඉදි කරවන ලදී. ගුරු භවතුන් 02 දෙනෙකුගෙන් සහ සිසු සිසුවියන් 44 දෙනෙකුගෙන් යුතුව මෙම ධම්මපාල විද්‍යලය ආරම්භ කරන ලද්දේ එම පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලේ ය.
පන්ථාරාම විහාරස්ථානයේ වැඩ විසූ අති පූජ්‍ය උඩයාලේ ධම්මපාල නා හිමිපාණන් වහන්සේ සිහිපත් කිරීමට වස් උන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ වූ කදුරු පොකුණේ විපස්සි නා හිමියන් වහන්සේ විසින් 'ධම්මපාල විද්‍යාලය' යන නමින් මෙම පාසල නම් කරන ලදී